ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ (FIFA) ඡන්ද ප්‍රකාශ කිරීම අත්හිටුවීමේ යෝජනාව ලෝක පාපන්දු සමුළුවේදී වැඩි ඡන්ද 196කින් සම්මත වී තිබේ.
මෙම තීරණය ගෙන ඇත්තේ ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ 73 වන සමුළුව සඳහා එහි ජ්‍යේෂ්ඨ පාපන්දු විධායකයින් ඇතුළු නියෝජිතයින් 2,000ක් රුවන්ඩාවේ කිගාලි හි දී රැස්වූ අවස්ථාවේදී පැවති ඡන්ද විමසීමේදීය.
මෙහිදී ශ්‍රී ලංකාවට ඇති පාපන්දු සම්මේලනයේ ඡන්ද අයිතිය අත්හිටුවීමේ යෝජනාවට පක්ෂව ඡන්ද 197ක් හිමි වී ඇති අතර එයට විරුද්ධව ලැබී ඇත්තේ එක් ඡන්දයක් පමණි.
2023 ජනවාරි මාසයේදී මෙරට ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍යාංශය ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ මැතිවරණයට බලපෑම් එල්ල කිරීම හරහා ලෝක පාපන්දු සම්මේලනයේ ප්‍රඥප්තිය කැඩූ බවට ශ්‍රී ලංකාවට චෝදනා එල්ල වී තිබිණි.
එසේම සිම්බාබ්වේ පාපන්දු සම්මේලනයේ ඡන්ද ප්‍රකාශ කිරීම අත්හිටුවීමේ යෝජනාවටද ඡන්ද 199ක් හිමිව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
FIFA හි උත්තරීතර ව්‍යවස්ථාදායක ආයතනය වන FIFA කොන්ග්‍රසය, FIFA හි ඉහළ විධායකයින්, සම්මේලන සහ සාමාජිකයින් 211ක සංගම් සහ අනෙකුත් පාපන්දු පාර්ශවකරුවන්ගේ නියෝජිතයින් එක් කළා.
මෙහි ඡන්දය හිමි සංගම් ගණන 211කි.










