71 සම්බන්ධය හෙළිවීමත් සමග ආරක්ෂාව තර කෙරේ

මාතලේ දිස්ත‍්‍රික් මහ රෝහල් භූමියෙන් හමුවූ සමූහ මිනීවලෙන් තවත් හිස් කබල් දෙකක් ඇතුළු ඇට සැකිලි කිහිපයක කොටස් අද (29) පෙරවරුවේ සොයාගෙන තිබේ.

1971 හමුදා වද කඳවුරක් මෙම ස්ථායේ පවත්වාගෙන ගියේයැයි යන පුවත ජනමාධ්‍ය මගින් පළවීමත් සමග එම ස්ථානයේ ආරක්ෂාව තර කර ඇති බව වාර්තා වේ. මේ වනවිටත් වි‍ශේෂ පොලිස් ආරක්ෂාවක් ඒ අවට යොදා ඇතැයිද පැවසේ. විශේෂයෙන්ම ඒ අවට කලාපය තහනම් කලාපයක් ලෙස නම් කර තිබේ.

දැනට සොයාගත් ශරීර අස්ථි කොටස් මාතලේ මූලස්ථාන පොලිස් භාරයේ ඇත.

තවදුරටත් කැනීම් සිදුවේ.

ආශ්‍රිත පුවත්

සමූහ මිනී වල මතුවීමෙන් එජාපයේ මෙන්ම ශ්‍රීලනිපය ප්‍රමුඛ සමගි ආණ්ඩුවේ ඝාතනත් හෙළිවෙන ලකුණු

මාතලේ සමුහ මිනී වළෙන් අදත් හිස් කබල් හයක් ගොඩගෙන

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්