දී.මූ. හිටපු අගමැති වේ? අනුරාධ පාර්ලිමේන්තු මන්ත්‍රී වේ?

අයවැය අවසන්වූ වහාම සිදුකරනු ලබන කැබිනට් මණ්ඩල සංශෝධනයත් සමගම අග්‍රාමාත්‍ය දි. මූ ජයරත්න මහතාගේ පුත් නීතීඥ අනුරාධ ජයරත්න මහතා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්කිරීමට නියමිත බව විශ්වාස කටයුතු ආරංචිමාර්ග අනාවරණය කරයි.

මේ වනවිටත් අගමැති ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපියට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ අත්සන් තබා ඇති ජයරත්න මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වූ වහාම අදාළ පත්කිරීම සිදුකරනු ලැබේ.

මාස 2කට වැඩි කාලයක් අමෙරිකාවේ “ජෝන්ස් හොප් කින්ග්ස්” රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි අග්‍රාමාත්‍ය දී. මු. ජයරත්න මහතා පසුගිය 27වනදා නැවත ලංකාවට පැමිණියේය.

දී. මූ. ජයරත්න මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපියට අත්සන් තබා ඇත්තේද  සිය පුත්‍රයා පාර්ලිමේන්තුවට පත්කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමාගෙන් කරන ලද ඉල්ලීමට එකඟතාවය ලැබීමෙන් පසුව යැයි වැඩිදුරටත් එම ආරංචිමාර්ග අනාවරණය කර සිටියේය.

ආශ්‍රිත පුවත්

අගමැති දී. මූ.ගේ අද තත්වය

අගමැතිවරයා හදිසියේම දිවයිනට

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්