දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වනවිට පීඩාවට පත්ව ඇති පුද්ගලයින් සංඛ්යාව 68,000ට අධික බවත් මේ වනවිට විපතට පත් පුද්ගලයින් 7,434 දෙනෙක් කඳවුරු 37ක රැදී සිටින බවත් ආපදා කළමනාකරණ මධ්යස්ථානය පවසයි.
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් විවිධ ආපදාවන්ට ගොදුරු වීමෙන් ජීවිත හානි 3 ක් ද සිදුව ඇති බව එම මධ්යස්ථානයේ සහකාර අධ්යක්ෂ ප්රදීප් කොඩිප්පිලි මහතා පැවසයි.
මේ අතර පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ ප්රදේශ කිහිපයක නිවාස කිහිපයකට අර්ධ හානි සිදුව තිබේ.
මීට අමතරව මාර්ගවලට ගස් කඩා වැටීම හේතුවෙන් මාර්ග රැසක් අවහිර වී ඇත.









