නානුඔය, බංගලාහත, දෙවන පියවර ප්රදේශයේ මාර්ගයක් ආසන්නයේ තිබී අභිරහස් ලෙස මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවී තිබේ.
මෙම පුද්ගලයා මිය යනවිට වයස අවුරුදු 50 ක් පමණ වන්නට ඇති බව පොලීසිය සඳහන් කරයි.
නුවරඑළිය මහේස්ත්රාත්වරයා විසින් මීට අදාළ මහේස්ත්රාත් පරීක්ෂණය ආරම්භ කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අද (01) දිනයේදී සිදු කිරීමට නියමිතය.
නානුඔය පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.









