ගාලු දිස්ත්රික් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්රී ගීතා කුමාරසිංහ, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් විශ්වා වර්නපාල ඇතුළු වගඋත්තරකරුවන් 4 දෙනෙකුට ලබන මස 19 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස අභියාචනාධිකරණය අද (28) නියෝග කර තිබේ.
ඒ ගීතා කුමාරසිංහ මහතිම්ය ශ්රී ලංකා-ස්විට්සර්ලන්ත ද්විත්ව පුරවැසිභාවය ලබා තිබීයදී පාර්ලමේන්තු මන්ත්රීවරියක ලෙස තේරීපත්වීම ආණ්ඩුක්රම ව්යවස්ථාවට පටහැනි බැවින් ඇයගේ මන්ත්රී ධුරය අහෝසි කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන්නැයි නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගාල්ල දිස්ත්රික්කයේ ඡන්දදායකයින් 5 දෙනෙකු විසින් ගොණු කළ පෙත්සම කැඳවමිනි.
පෙත්සමේ වගඋත්තරකරුවන් වන පාර්ලිමේන්තු මන්ත්රී ගීතා සමන්මලි කුමාරසිංහ, ආගමන විගමන පාලක ජනරාල්වරයා, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්වැයි, පාර්ලිමේන්තු මහ ලේකම්වරයා ඇතුළු පිරිසට මෙදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට දන්වමින් නොතීසි නිකුත් කර ඇත.
අභියාචනාධිකරණ සභාපති විජිත් මළල්ගොඩ මහතා සහ එච්.සී.ජේ. මඩවල මහතා හමුවේ මෙම පෙත්සම කැඳැවිණි.









