කහවත්ත, කොටකෙතන, ඕපාත ප්රදේශයේ වතුයායකදී තවත් කාන්තාවක් කපා කොටා ඝාතනය කර ඇති බවත් නොම්බර් දෙක නැමැති වතුයායේ මෙම ඝාතනය සිදුව ඇති බව පොලීසිය පවසයි.
48 හැවිරිදි දෙදරු මවක් මෙලෙස මියගොස් ඇති බව වාර්තා වේ.
මේ වනවිට සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීම සඳහා පොලිස් කණ්ඩායමක් එම ස්ථානයට පිටත්ව ගොස් ඇතැයි වැඩිදුරටත් පොලීසිය පවසයි.









