ලංවීම වැටුප් සටනට වෘත්තීය සමිති 28ක්

විදුලිබල මණ්ඩලයේ සේවය කරන 15,000කට අධික සේවක සංඛ්‍යාවකගේ වැඩි වැටුප් දිනාගැනීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය යලි ඇරඹීමට සූදානම් වේ. පසුගිය අප්‍රේල් 11 වෙනි දින ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තීක්‍රියාමාර්ගය දියත් කිරීමට සූදානම් වූ අවස්ථාවේ සුනාමි අනතුරක් ඇති වීම නිසා එය අත්හැර දමා සියළුම සේවකයන් රාජකාරියේ නියැළුනු බව වෘත්තීය සංගම් පවසයි.

එහෙත් අත්හැර දැමූ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ඉදිරිය ගැනීම පිළිබදව ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයට අයත් සියළුම වෘත්තීය සමිති 20 වෙනිදා කොළඹට රැස්වන බව එම සන්ධානයේ මෙහෙයුම්කමිටු සාමාජික රන්ජන් ජයලාල් මහතා පවසයි. මෙයට වෘත්තීය සමිති 28ක නියෝජිතයන් සභාගීවීමට නියමිත බවද පැවසේ.

වසර තුනකට වරක් ඒකාබද්ධ සේවා ගිවිසුමකට අනුව විදුලිබල මණ්ඩලයේවැටුප් වැඩිවීම සිදුකරයි. වෘත්තීය සමිති විසින් එය 45%කින් වැඩිකරන ලෙස වෘත්තීය සමිති බලකළේය. නමුත් එය 25%කින් සීමාකෙරින. පසුව සුවිශේෂී සේවා සපයන නිළධාරීන් වශයෙන් හදුන්වන පිරිසකට එම වැටුප් වැඩිවීම 45% දක්වා හොර රහසේ සිදුකර ඇති බව වෘත්තීය සමිති සන්ධානය චෝදනාකළේය. එම නිසා 15,000කට අධික සියළුම සේවකයින්ගේ 45%ක වැටුප් අයිතිය දිනාගැනීම වෙනුවෙන් අකණ්ඩව අරගල කරන බව එම සන්ධානය අවධාරණය කරයි.

පවතින මෙම තත්ත්වය හමුවේ අකමැත්තෙන් වුවද මෙසේ වැඩ වර්ජන තීන්දුවක් ගැනීමට සිදුවූව හොත් ඒ හේතුවෙන් ජනතාවට සිදුවන සියලු අපහසුතාවයන්ට. බලපෑම්වලට ආණ්ඩුව සෘජුව වගකිව යුතු යැයිද කීය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්