ඉන්දියාව 233ට දැවී යයි – අවසන් සටනට ඕස්ට්‍රේලියාව

ලෝක කුසලාන අවසන් මහා සටනට තේරිම සඳහා ලකුණු 328ක ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායම පන්දුවාර 46.5 කදී සියලු දෙනාම ලකුණු 233කට සීමා කරමින් ලකුණු 95ක ජයක් සමගින් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලැබීය.

ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් සාර්ථක වූ එකම පිතිකරුවා නායක දෝණි පමණි. ඔහු පන්දු 65 කදී ලකුණු 65ක් ලබා ගැනීමට සමත් විය. ශිකර් ධවාන් ලකුණු 45ක්ද රහානේ ලකුණු 44ක්ද රෝහිත් ෂර්මා ලකුණු 34ක්ලබා ගැනීමට සමත් විය. අනෙක් කිසිදු පිතිකරුවකුට ලකුණු 16 සීමාව ඉක්මවා යෑමට නොහැකි විය. එසේම කිසිදු කඩුල්ලකට දිගු ලකුණු සබඳතා ගොඩනැගීමට ඕස්ට්‍රේලියා පන්දු යවන්නන්ගෙන් ඉඩක් නොලැබුණි. ඉන්දීය ඉනිමේ අවසන් කඩුලු 5 ලකුණු 25ක් තුළදී බිඳ වැටීම විශේෂත්වයකි.

පන්දු යැවීමේදී ෆොල්ක්නර් කඩුලු 3ක්, මිචෙල් ජොන්සන් කඩුලු 2ක් හා මිචෙල් ස්ට්‍රක් කඩුලු 2ක් බිඳ දැමීමට සමත් විය. 

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්