ගෝඨා සහ සේනාධිපතිගේ වත්කම් සොයන්න අවසර

ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ, ඇවන්ගාර්ඩ් මැරිටයිම් සමාගමේ ප්‍රධානී නිශ්ශංක සේනාධිපති ඇතුළු එහි අධ්‍යක්ෂක මණ්ඩලයේ සියලු දෙනාගේම හා හිටපු ආරක්ෂක අමාත්‍යංශයේ අතිරේක ලේකම් ජයරත්න මහත්මියගේ යන සියලු දෙනාගේම බැංකු ගිණුම් පරීක්ෂා කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ගාල්ල මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මහත්මිය රහස් පොලිසිය වෙත අද (26) නියෝග කර තිබේ.

ඇවන්ගාර්ඩ් මැරිටයිම් සමාගමේ පාවෙන අවි ගබඩාවට අදාළ නඩුව අද දිනයේ ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවු අවස්ථාවේදී මෙම නියෝගය ලබා දී තිබේ. එ අනුව අදාළ පුද්ගලයින්ගේ බැංකු ගිණුම් පිළිබඳ පරීක්ෂා කර තොරතුරු සියල්ල ඉදිරියේදී අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. මේ වනවිට අදාළ පාවෙන අවි ගබඩාව ගාලු වරායේ නවතා ඇති අතර එහි කාර්ය මණ්ඩලය හා අවි වෙනත් නැවකට මාරු කිරීමට කළ ඉල්ලීම මහේස්ත්‍රාත්වරිය ප්‍රතික්ෂේපකර තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්