ඇමරිකා එක්සත් ජනපදය විසින් ඇෆ්ගනිස්ථානය ආක්රමණය කිරීමෙන් පසුව 2001 සිට මේ දක්වා ඇෆ්ගනිස්ථානයේදී මිය ගොස් ඇති ඇමරිකානු සෙබළුන් සංඛ්යාව අවම වශයෙන් 2,202ක් පමණ වන බව ජාත්යන්තර මාධ්ය වාර්තා සඳහන් කර තිබේ. එමෙන්ම තුවාල ලබා ඇති ඇමරිකානු සෙබළුන් සංඛ්යාව 19,952කි.
ඉතා සුළුතරයක් වන ධනපතියන්ගේ වුවමනාවන් වෙනුවෙන් අධිරාජ්යවාදය පවත්වාගෙන යමින් ලෝකය පුරා යුද්ධ අවුළුවමින් කටයුතු කරන ඇමරිකාව වෙනුවෙන් වන්දි ගෙවීමට සිදුවන්නේ අනෙක් රටවල ජනතාවට පමණක් නොවන බව මෙම වාර්තා මගින් පෙන්වා දේ. සෑම විටම ආක්රමණිකයාගේ හෝ ඊට ලක්වන පාර්ශවයේ හෝ පීඩාවට පත්වන්නේ පහල සිටින ජනතාව මිස පාලකයන් නොවන බවට ඉතිහාසය අපට උදාහරණ සපයයි. පාලකයන් සහ පාලකයන් පාලනය කරන ධනපතියන් කිසි විටෙකත් තම දරුවන් හෝ පාංතිකයන් යුද්ධ සඳහා කැප නොකරන අතර ජාති ආලය හුවා දක්වමින් පහල පාංතික ජනතාව ඒ සඳහා යොදා ගනිති. ඇමරිකානු සොල්දාදුවන්ටද උරුමව ඇත්තේ තම රටේ ඉහල ධනකුවේරයන්ගේ වුවමනාවන්ට අනුව අනෙක් රටවල් සම්පත් කොල්ලකෑමේ යුද්ධය සඳහා තමන්ද මිය යමින් අනෙකෙකු මරා දැමීමේ රාජකාරියයි.









