තවත් අනාරක්ෂීත දුම්රිය මාගකට ජීවිත 2ක් බිලි

මීරිගම අම්මලවත්ත අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේදී අද (28) උදේ 07ට බදුලු සීඝ්‍රගාමී දුම්රිය ලොරියක ගැටී ලොරියේ ගමන් කළ දෙදෙනෙකු මිය ගොස් තිබේ.

කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ධාවනය වූ දුම්රියේ මෙලෙස අද උදෑසන වීජේ රජදහන සහ මීරිගම අතර අම්බලන්වත්ත අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේදී මෙම අනතුර සිදුව ඇත.

මෙවැනි අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 700කට වැඩි ප්‍රමාණයක් රටපුරා පවතින බව දුම්රිය දෙපාරතමේන්තු වාර්තා පෙන්වා දෙන අතර අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග අනතුරුද දිනෙන් දින වැඩිවෙමින් පවතී.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්