තවත් අසභ්‍ය වෙබ් අඩවි 1000ක් හඳුනාගෙන 51ක් තහනමට

ලාංකික තරුණ තරුණියන් පෙනී සිටින අසභ්‍ය වෙබ් අඩවි 1,000ක් දැනට හඳුනාගෙන ඇති බවත් ඉන් 51ක් මෙරටදී තහනම් කිරීමට ළමා අධිකරණයෙන් ඉල්ලා ඇති බවත් ජාතික ළමා රක්ෂණ අධිකාරියේ පොලිස් විමර්ශන ඒකකය පවසයි. එම වෙබ් අඩෙවිවල පාසල් නිලඇඳුමෙන් පෙනීසිටින පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ දර්ෂණද ඇතුළත්ව ඇතැයි එම ඒකකය වැඩිදුර‍ටත් සඳහන් කරයි.

අදාල වෙබ් අඩෙවි 51 සම්බන්ධයෙන් ජාතික ළමා රක්ෂණ අධිකාරියේ පොලිස් විමර්ශන ඒකකය විසින් කරන ලද ඉල්ලීමට අනුව විශේෂ ළමා අධිකරණය විසින් විමර්ශනයක් පවත්වා තිබේ.

එම විමර්ශනයට අනුව ඉදිරි නීතිමය කටයුතු සිදුකිරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් ඉල්ලා ඇති බවත්, එකී උපදෙස්වලට අනුව එම වෙබ් අඩවි 51 තහනම් කරන්නේද නැද්ද යන්න පිළිබඳ එළඹෙන 31 වන දින තීන්දුව ප්‍රකාශයට පත්කරන බවත් එම අධිකරණය දැනුම්දුන් බවත් එම ඒකකය වැඩිදුරටත් කියා සිටියි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්