දයාසිරිට එරෙහි සාක්ෂි විමසීම ඇරැඹේ

කුරුණෑගල දිස්ත්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාට එරෙහිව එම පක්ෂය විසින් සිදුකරනු ලබන විනය පරීක්ෂණය ඊයේ (25) දිනයේදී තෙවැනි වරට සිදුවිය.

එහිදී මන්ත්‍රීවරයා තමාට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීම අසාධාරණ බව දන්වමින් විරෝධතාවක් ගොනුකර ඇති අතර විනය කමිටුව විසින් එය ප්‍රතික්ෂේප කර ඇත.

ඉන් අනතුරුව එම විනය පරීක්ෂණයේ පළමු සාක්ෂිකරු ලෙස එම පක්ෂයේ භාණ්ඩාගාරික සෙනරත් කපුකොටුව මහතාගෙන් සාක්ෂි විමසීමට විනය කමිටුව තීරණය කර ඇති අතර එම සාක්ෂි විමසීම නොවැම්බර් මස 21 වැනි දින සිදුකිරීමට තීරණය කර ඇති බවද සඳහන් වේ.

ආශ්‍රිත පුවත්

දයාසිරිගේ ඉරණම තීන්දු කරයි?

 

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්