මෙම වසරේ (2015) ගතවූ මාස 09ක කාලයේදී දරුවන් 10 දෙනකු ඝාතනයට ලක් වී, ළමා හා කාන්තා දූෂණ සිද්ධීන් 795ක් වාර්තා වී ඇතැයි වැඩබලන පොලිස් මාධ්ය ප්රකාශක ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්රියන්න ජයකොඩි මහතා පවසයි. එසේම මෙම වසරේදී (2015) මේ දක්වා කාලයේදී ළමුන්ට කෲර ලෙස සැලකීමේ සිද්ධීන් 84 ක් වාර්තා වන බවත් ඒ මහතා පවසා සිටී.
තලවතුගොඩ, මාදිවෙල පිහිටි ජාතික ළමාරක්ෂක අධිකාරියේ ශ්රවණාගාරයේ පැවැති මාධ්ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පළ කළ අතර එහිදී වැඩිද්රටත් අදහස් දැක්වූ වැඩබලන පොලිස් මාධ්ය ප්රකාශකවරයා පවසන්නේ පසුගිය වසරේදී (2014) දරුවන් 27 දෙනකු ඝාතනයට ලක්වී ඇති බවය.
එමෙන්ම පසුගිය වසරේදී (2014) ළමන්ට කෲර ලෙස සැලකීමේ සිද්ධීන් 197ක් වාර්තා වන බවත් පසුගිය වසරේදී (2014) ළමා හා කාන්තා දූෂණ සිද්ධීන් 1680ක් වාර්තා වන බවද ඒ මහතා සඳහන් කරයි.









