සාම්පූර් ඉන්දියාවට දෙන්න රනිල් එකඟවෙයි

ඉන්දියානු මැදිහත් වීම මත සාම්පූර්හි යෝජිත ගල් අගුරු බලාගාරය ඉදිකිරීමේ කටයුතු කඩිනම් කිරීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය සංචාරයේදී එකඟතාවය පළවී ඇති බවට වාර්තා වේ.

රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා හා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මොඩි අතර හමුවේදී මේ පිළිබඳව එකඟතාවයකට පැමිණ ඇති බව පැවසේ. බලාගාරය ඉදිකිරීම කොඩ්ඩියාර් බේ හෝ ෆවුල්තුඩුව  යන ස්ථාන දෙකින් එකක සිදු කරන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා ප්‍රකාශ කර තිබේ.

පසුගිය රාජපක්ෂ පාලන සමයේදී ආරම්භ කෙරුණු මෙම සාම්පූර් බලාගාරය ඉදිකිරීමේ කටයුත්තට එරෙහිව ප්‍රබල විරෝධයක් ගොඩනැගුණු අතර පරිසර සංවිධාන එයින් සිදුවන හානිය පිළිබඳව දිර්ඝ ලෙස පෙන්වා දෙනු ලැබීය. එසේම මෙම කලාපය ඉන්දියානු විශේෂ ආර්ථික කලාපයක් ලෙස නම්කර එයට ත්‍රීකුණාමල වරායද ඇතුළත් කර ලබා දීමට කටයුතු කර තිබිණි.

මෙයින් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට, ආරක්ෂාවට සිදුවන අනතුර පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා දීර්ඝ ලෙස පාර්ලිමේන්තුවේදී පෙන්වා දෙනු ලැබීය. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරයකුට හෝ එම කලාපයට ඇතුළු විය නොහැකි තත්වයක් තිබූ අතර ඒ පිළිබඳව දැඩි ආන්දෝලනයක් මතු විය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්