සමූහ මිනී වලෙන් සිරුරු 10ක කොටස් හමුවෙලා – තවත් කැණීම් සිදුවේ

මාතලේ මහ රෝහලේ සමූහ මිනී වළෙන් ඊයේ (29) සවස 4.00 වනවිට මිනිස් සිරුරු 10ක ඇටකටු මතු කරගෙන තිබේ.

ඒ අතර මිනිස් හිස් කබල් 08ක්, දත් ඇඳි කීපයක්, ගැලවුණු දත් කීපයක්, ශරීර අවයවවල ඇටකටු රැසක් මේ අතර වේ. මෙම ඇටකටුවල පිහිටීමේ ස්වභාවය පිළිබඳව ඡායාරූපගත කිරීමක් හා සියුම් කැණීම් සිදුකර ඉතාමත් සංයමයකින් ඇට කටු මතු කර ගන්නා බව කැනීම් සිදුකරනු ලබන නිලධාරීහු පවසති.

සොයාගත් ඇටකටු විද්‍යාත්මක පරීක්‍ෂණයකට යොමු කර මිනිස් සිරුරුවල ස්ත්‍රී පුරුෂභාවය, ස්වභාවය, කාලවකවානු පිළිබඳව සහ අපරාධයක් දැයි නිශ්චිත තීරණයකට එළැඹිමට නියමිතය.

එම අස්ථි කොටස් වසර 40 ක් පමණ පැරණි ඒවා බවට පොලීසිය සැක පළ කර සිටී.

ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ, එම අස්ථි කොටස් කාගේද යන්න තහවුරු කර ගැනීම සඳහා පුළුල් පරික්ෂණ ආරම්භ කර ඇති බවය.

ඒ සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් පත් කර ඇති බව ඔහු සඳහන් කළේය.

එම අස්ථි කොටස් හමුවීම පිළිබඳ මීට වසර කිහිපයකට පෙර මාතලේ මහරෝහලේ සේවය කළ සේවකයින් කිහිපදෙනෙකුගෙන් ප්‍රශ්න කිරීම ද ආරම්භ කර තිබේ.

ආශ්‍රිත පුවත්

සමූහ මිනී වල මතුවීමෙන් එජාපයේ මෙන්ම ශ්‍රීලනිපය ප්‍රමුඛ සමගි ආණ්ඩුවේ ඝාතනත් හෙළිවෙන ලකුණු

මාතලේ සමුහ මිනී වළෙන් අදත් හිස් කබල් හයක් ගොඩගෙන

71 සම්බන්ධය හෙළිවීමත් සමග ආරක්ෂාව තර කෙරේ

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්