නොතීසි පිළිගන්න එපා – රනිල් කථානායකට කියයි

පාර්ලිමේන්තුවේ බලතල හා වරප්‍රසාද අධිකරණයට ලබාදී නැති බවත්, අ පාර්ලිමේන්තුවේ බලතලද ආරක්ෂා කළ යුතු බවත් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (29) පාර්ලිමේන්තුවේදී පවසා ඇත.

“අපේ බලයට අභියෝගයට ලක්කරමින් උසාවියටපෙත්සම් දාන්න එපා. අපට සිතාසි දෙන්න එපා” යැයි වික්‍රමසිංහ මහතා එහිදී අධිකරණයට ප්‍රකාශ කර තිබේ.

පාර්ලිමේන්තුවේ බලතල සම්බන්ධයෙන් හිටපු කතානායකවරයකු වූ අනුර බණ්ඩාරනායක මහතා ලබාදී ඇති තීන්දුව සමඟ තමන් සිටින බවද ඔහු කියා ඇත.

“ජනතාවට තව ප්‍රශ්න තිබෙනවා. එය අධිකරණයත් දැන ගත යුතුයි” යනුවෙන්ද විපක්ෂ නායකවරයා කියා තිබේ.


Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්