හිටපු ඇමති ටී.බී. ඒකනායක මහතාව කොළඹ මූල්ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත අද (26) පෙරවරුවේ කැඳවා ඇත්තේ මධ්යම සංස්කෘතික අරමුදලේ මුදල් අවභාවතව යෙදවීම සහ එහි මුදල් අයතා ගනුදෙනුවලට යෙදවීම සම්බන්ධයෙන් මධ්යම සංස්කෘතික අරමුදලේ අධ්යක්ෂ ජෙනරාල් ගාමිණී අධිකාරී මහතාට එරෙහිව හිමිනමක් විසින් ගොනු කර ඇති පැමිණිල්ලකට අදාළව අවශ්ය තොරතුරු ලබා ගැනීම සඳහා ප්රශ්න කිරීමට බව වාර්තා වේ.
එහිදී අදාළ ප්රශ්න කිරීම සිදුව ඇත්තේ, කිසිඳු මිලගණන් කැඳවීමකින් තොරව රුපියල් කෝටි 5ක වටිනාකමකින් යුත් DVD තැටි සැකසීම සඳහා එක් ආයතනයකට ලබා දීම සහ ඉන් මධ්යමසංස්කෘතික අරමුදලට පාඩු සිදු කිරීම,
කහගල්ගොඩ සංකල්ප සංස්කෘතික මධ්යස්ථානය ඉදිකිරීමේදී රුපියල් කෝටි 06ක් අවභාවිතයේ යෙදවීම,
පසුගිය ජනාධිපතිවරණ සමයේදී, මතිවරණවලදී රැකියා පත්වීම් ලබා දීම තහම් කරමින් මැතිවරණ කොමසාරිස්වරයා නියෝගක් නිකුත් කර තිබියදී එය නොතකා රැකියා සඳහා මධ්යම සංස්කෘතික අරමුදල මගින් නඩත්තුවන ආයතනවල පත්වීම් ලබා දීම,
යාපහුව ව්යාපෘතිය නමින් මධ්යම සංස්කෘතික අරමුදල මගින් ආරම්භ කළ ව්යාපෘතියට අදාළව කපා ඉවත් කළ දැව, බලපත්ර රහිතව රැගෙන යාම. දැව ජාවාරමක් සිදු කර ඇති බවට මේ වනවිට අනාවරණය වෙමින් පනතින බවද වාර්තා වේ.
මධ්යම සංස්කෘතික අරමුදල මගින් අලෙවි කරන සංචාරක ප්රවේශපත් මහා පරිමාණයෙන් වංචාකිරීම ඇතුළු චෝදනා 09ක් සම්බන්ධයෙනි.









