යහපාලන ආණ්ඩුවත් රාජපක්ෂ පාලනය ගිය පාරේම යමින් මෑන් පවර් සේවකයින් රැවටීමටක ලක් කරමින් සිටින බවත් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පසුගිය ජනාධිපතිවරණයේ දී සියලූම මෑන්පවර් සේවකයින් ස්ථීර කරන බවට ලබාදුන් පොරොන්දු නොසලකා හරිමින් කටයුතු කරනවා නම් දෙපැත්තට වැනෙන මේ ආණ්ඩුව ගෙදර යෑවිමට සියලූම මෑන්පවර් සේවකයින් සමඟ සටන් කරන බව මෑන්පවර් සේවකයින් ස්ථීර කර ගැනීමේ ජාතික මධ්යස්ථානය ඊයේ (25) දිනයේ කොළඹ විදුලිබල මණ්ඩල ප්රධාන කාර්යාලය ඉදිරිපිට පැවැති විරෝධතාවයේදී ලංකා විදුලි සේවක සංගමයේ ප්රධාන ලේකම් රංජන් ජයලාල් මහතා පැවසීය.
මෑන් පවර් සේවකයින් ස්ථීර කර ගැනීමේ මධ්යස්ථානය කැඳවා තිබූ එම විරෝධතාවයට ලංකා විදුලිබල මණ්ඩලය, ජලසම්පාදන මණ්ඩලය ඇතුළු රාජ්ය ආයතනවල සේවය කරනු ලබන මෑන් පවර් සේවකයින් සහභාගී වී සිටියේය. මෑන් පවර් සේවකයින් ජාතික ජලසම්පාද අමාත්යංශය, ලංකා විදුලි බල මණ්ඩලයේ ප්රධාන කාර්යාල සහ මහ බැංකුව අසල විරෝධතා පවත්වමින් බලකර සිටියේ මිනිස් බල සමාගම් යටතේ වහලූන් බවට පත් කර සිටින සියලුම සේවකයින්ගේ සේවය ස්ථීර කරන ලෙසය.
විරෝධතාවයට සම්බන්ධ වූ මෑන් පවර් සේවකයින් ඇමතූ ලංකා විදුලි සේවක සංගයේ ප්රධාන ලේකම් රාංජන් ජයලාල් මහතා පවසා සිටියේ ආණ්ඩුව 20 වැනි ව්යවස්ථා සංශෝධන ගැන පවසමින් මෑන් පවර් සේවකයින්ගේ ගැටලුවට විසඳුම් ලබා නොදීමට කටයුතු කරන බවයි. ඊට තම මධ්යස්ථානය කිසි ලෙසකින්වත් ඉඩ ලබා නොදෙන බවත් ජනාධිපතිවරණයේදී මෛත්රීපාල සිරිසේන මහතා පොරොන්දු වූ ආකාරයට සියලුම මෑන් පවර් සෙවකයින් ස්ථීර කිරීමට කටයුතු කරන ලෙසය. එසේ නොකරන්නේ නම් වත්මන් ආණ්ඩුවට එරෙහිවද සියලුම මෑන් පවර් සේවකයින්ගේ රැකියා ස්ථීර කර ගැනීමේ සටන දැඩි කරමින් දැවැන්ත විරොධතා ව්යාපාරයක් දක්වා දියත් කරන බවටද ආණ්ඩුවට අනතුරු ඇඟවීය.
මෙම අවස්ථාවට රාජ්ය ආයතනවල සේවය කරන මෑන් පවර් සේවකයින් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.












