රෝමයේ පැවති ගෝල්ඩන් ගාලා මළල ක්රීඩා තරඟාවලියේදි තත්පර 9.75කින් තරඟය අවසන් කරමින් ඇමරිකානු කෙටි දුර ධාවනශූර ජස්ටින් ගැට්ලින් මීටර් 100 පිරිමි ධාවන ඉසව්වේ මේ වසරේ සිය දෙවන හොඳම දක්ෂතාව පසුගිය 4වනදා වාර්තා කර තිබේ.
මේ වසරේ කටාරයේ දෝහා හිදී පැවති ඩයමන්ඩ් ලීග් මළල ක්රීඩා තරඟාවලියේදී ඔහු තත්පර 9.74ක දක්ෂතාවක් දක්වමින් මේ වසරේ මීටර් 100 පිරිමි ඉසව්වේ හොඳම කාලය වාර්තා කර ඇත.
කෙසේ වෙතත් තවමත් මීටර් 100 පිරිමි ධාවන ඉසව්වේ ලෝක වාර්තාවට හිමිකම් කියන්නේ ජැමෙයිකාවේ උසේන් බෝල්ට් වන අතර ඒ තම ඉසව්ව තත්පර 9.58කින් නිම කරමින්.









