ෆොන්සේකාට ඇටවූ උගුලේ සජිත් ම හිරවෙයි

ෆොන්සේකාට ඇටවූ උගුලේ සජිත් ම හිරවෙයි

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් නායකත්වයෙන් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ඉවත් කළ යුතු බවට අජිත් මාන්නප්පෙරුම ඇතුළු එම දිස්ත්‍රික්කයේ ආසන සංවිධායකවරු 10 දෙනෙකු යොදවා අත්සන් කර ලබා ගත් පෙත්සම සජිත් ප්‍රේමදාසට ම පාරා වළල්ලක් වී ඇති බව වාර්තා වේ.

මේ අතර තවත් වාර්තාවකින් දැක්වෙන්නේ දිස්ත්‍රික් නායකත්වයට අජිත් මාන්නප්පෙරුම හෝ එඩ්වඩ් ගුණසේකර පත් කරන ලෙස කර තිබූ ඉල්ලීමට ද පක්ෂය තුළින් ම විරෝධයක් එල්ල වී ඇති බව ය. හර්ෂණ රාජකරුණා සහ ගම්පහ දිස්ත්‍රික් සම සංවිධායක ලෙස නම් කර තිබෙන හසිත ගුණසේකර යන දෙදෙනා ම එම ඉල්ලීමට විරෝධය පළ කර ඇතැයි වාර්තා වේ.

එලෙස කුමන්ත්‍රණකාරී ලෙස සරත් ෆොන්සේකාගේ තටු කැපීමට ගත් උත්සාහයෙන් සජිත් ප්‍රේමදාසට නව අභ්‍යන්තර ගැටළු ගණනාවක් හට ගෙන ඇති බව වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්