ට්‍රම්ප් අපරාධකරුවෙක්

ඇමරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එම ධුරයට පත්වීමට පෙර නිල් චිත්‍රපටි නිලියක් සමඟ පවත්වාගෙන ගිය ලිංගික සම්බන්ධතාවයක් සඟවා තබා ගැනීමට ඩොලර් 150,000 මුදලක් ලබාදීමේ මූල්‍ය අපරාධයක් සිදු කර ඇති බව අද එරට ෆෙඩරල් අධිකරණය තීරණය කර තිබේ.

මේ සම්බන්ධයෙන් නඩු විභාගය ජූරි සභිකයන් 12 දෙනෙකු ඉදිරියේ පැවැත්වූ අතර එම සභිකයන් දින දෙකක් පුරා අදාළ සාක්ෂි සම්පින්ඩනය කිරීමෙන් පසුව ඊයේ (30) මෙම තීන්දුව ලබා දී තිබිණි.

නඩු විභාගය අතරතුරදී ප්‍රබල ම සාක්ෂියක් ලෙස ඉදිරිපත් වී තිබෙන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ හිටපු නීතිඥයෙක් ද පැමිණිල්ලේ සාක්ෂිකරුවෙකු ලෙස ඔහුට එරෙහිව සාක්ෂි ලබාදීමයි.

මේ අනුව ඇමරිකානු ඉතිහාසයේ ජනාධිපති ධුරය දැරූ පුද්ගලයෙකු අපරාධකරුවෙකු ලෙස අධිකරණයක් විසින් තීන්දු කළ පළමු අවස්ථාව මෙය වී ඇති බව ජාත්‍යන්තර විචාරකයින් පෙන්වා දී තිබේ. ට්‍රම්ප්ට ලබා දෙන දඬුවම ජූනි 04 වෙනිදා ට පෙර ප්‍රකාශයට පත් කිරීමට නියමිත ය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්