හෙට (අප්රේල් 01) සිට දුම්රිය ගමන් ගාස්තු ඉහළ දැමීමට දුම්රිය හා ප්රවාහන සේවා අමාත්යාංශය තීරණයකර තිබේ.
තුන්වැනි පංතියේ සාමාන්ය ආසන ගාස්තු රුපියල් 150 සිට 180 දක්වා ද, රුපියල් 220 සිට 280 දක්වාද, රුපියල් 270 සිට 320 දක්වා ද වැඩි කර ඇත.
දෙවැනි පංතියේ වෙන් කළ ආසන ගාස්තුව රුපියල් 220 සිට 280 දක්වාද, රුපියල් 380 සිට 450 දක්වාද, රුපියල් 450 සිට 500 දක්වාද වැඩිවී ඇති අතර පළමු පංතියේ වෙන් කළ ආසන ගාස්තුව රුපියල් 750 දක්වා වැඩි කර තිබේ.
නැරැඹුම් මැදිරි ගාස්තුව රුපියල් 880 හා 1,000 දක්වා ද වා සැකසුම් කළ මැදිරි හා නිදන මැදිරි ගාස්තුව රුපියල් 1,250 දක්වා ද වැඩි කර ඇත.
නගරාන්තර ශීඝ්රගාමී හා තැපැල් දුම්රිය ගාස්තු 40%කින් පමණ අප්රේල් පළමුවැනිදා සිට වැඩි කර තිබේ.









