ඉරාන ජාතිකයින් තිදෙනෙක් ගුවන්තොටේදී අත්අඩංගුවට

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් ලන්ඩන් නුවර බලා ගමන් කිරීමට සුදානම්ව සිටි ඉරාන ජාතිකයින් තිදෙනෙකුගේ විදේශ ගමන් බලපත‍්‍ර පරික්‍ෂාවේදී ඇති වු සැකයක් මත ශ‍්‍රී ලන්කන් ගුවන් සේවයේ ලේඛන පරික්‍ෂණ නිලධාරීන් විසින් අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද දැනුම්දීමක් මත එම නිලධාරීන් විසින් ඔවුන්ව අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරුවන් ඊයේ (30) මීගමුව මහේස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 09 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කර ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්