හෙට සිට දින තුනක් ප්‍රදේශ රැසකට වැඩි වර්ෂාවක්…

දිවයිනේ ප්‍රදේශ රැසකට හෙට (24) සිට දින තුනක් මිලිමීටර් 100 ඉක්මවු තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඊසාන දිග බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ ඇතිවී තිබේන පීඩන අවපාතය මේ සඳහා බලපාතිබෙන බව සඳහවේ.

එම නිසා දිවයින හරහා හමන සුළං තත්වයේ වැඩි වීමක්ද අපේක්ෂා කරන බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණ යන පළාත්වලට හෙට දිනයේ මිලිමීටර 100ට වැඩි වර්ෂාපතනයක් අපෙක්ෂා කරන අතර 25 සහ 26 යන දෙදින තුළ එම පළාත්වලට මිලිමීටර් 150 ඉක්ම වු ඉතා තද වැසි අපෙක්ෂා කෙරේ.

තවද වයඹ පළාතටද තරමක තද වැසි ඇතිවිය හැකි අතර සෙසු පළාත්වලද වැසිවාර කිහිපයක් ඇති විය හැකි බද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්