හිටපු හමුදාපති සරත් ෆොන්සේකා රෝහල්ගත කරයි

හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා අද පස්වරුවේ නේවාසික ප්‍රතිකාර සඳහා කොළඹ පෞද්ගලික රෝහලට ඇතුළත් කර තිබේ.

අනෝමා ෆොන්සේකා මහත්මිය පැවසුවේ, පසුගිය යුධ සමයේ සිදුවූ මරාගෙන මැරෙන කොටි බෝම්බයකට ගොදුරු වූ අවස්ථාවේ ශරීර ගතවූ ‍ලෝහ කැබළි නිසා‍ ඇතිවී තිබෙන පෙනහලු ආශ්‍රිත රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනීමට ඔහු එලෙස රෝහල්ගත කළ බවයි.

එහිදී විශේෂඥ වෛද්‍ය වජිර තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත සරත් ෆොන්සේකා මහතාට ප්‍රතිකාර සිදුකෙරෙන බව ඇය සඳහන් කළාය.

ඒ මහතාට පෞද්ගලික රෝහලක ‍නේවාසික ප්‍රතිකාර ලබා ගැනීමට අවස්ථාව ලබාදෙන ලෙස කොළඹ මහාධිකරණය පෙරේදා (25) බන්ධනාගාර දෙපාර්තමේන්තුවට නියෝගයක් ද නිකුත් කළේය.

ඒ ෆොන්සේකා‍ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන්  විශේෂඥ වෛද්‍යවරුන් ඉදිරිපත් කළ වාර්තාවක් සලකා බැලීමෙන් අනතුරුවයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්