
ලාංකික ධීවරයින් පිරිසක් ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇති බව වාර්තා වේ.
ත්රිකුණාමලයෙන් සහ මීගමුවෙන් යාත්රා 03කින් මුහුදුගිය ධීවර පිරිසකි මෙලෙස පසුගිය 24 වැනිදා සහ 25 වැනිදා ඉන්දීය අත්අඩංගුවට පත්ව ඇති බව ධීවර දෙපාර්තමේන්තුවේ සහකාර අධ්යක්ෂක ලාල් ද සිල්වා පවසයි.
මෙලෙස අත්අඩංගුවට පත් ධීවරයින් පිරිස 16ක් බවද අදාල දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන ඇතැයි පැවසේ.









