හදිසියේම දිසා ලෙකම්වරුන්ගේ මාරුවක්

වහාම ක්‍රියාත්මක වන පරිදි සේවා අවශ්‍යතා සඳහා යැයි සඳහන් කරමින් දිස්‌ත්‍රික්‌ ලේකම්වරුන් පස්‌දෙනකුට ඊයේ (10) සිට ස්‌ථාන මාරුවීම් ලබාදීමට රාජ්‍ය පරිපාලන හා ස්‌වදේශ කටයුතු අමාත්‍යංශය පියවර ගෙන ඇත.

යාපනය, වවුනියාව, ගාල්ල, හම්බන්තොට සහ මඩකලපුව දිස්‌ත්‍රික්‌ ලේකම්වරුන්ට මේ අනුව ස්‌ථාන මාරුවීම් ලබාදීමට කටයුතු කළ බව අමාත්‍යංශ ලේකම් පී. බී. අබේකෝන් මහතා මාධ්‍යවෙත පවසා සිටී.

යාපනය දිස්‌ත්‍රික්‌ ලේකම්වරිය ලෙස සිටි ඉමෙල්ඩා සුකුමාර් මහත්මිය ජනාධිපති ලේකම් කාර්යාලය වෙත උසස්‌වීමක්‌ ලෙස ස්‌ථාන මාරුවීම් ලබාදී ඇති අතර මඩකලපුව දිස්‌ත්‍රික්‌ ලේකම් සුන්දරන් අරුනේයගම් මහතා යාපනය දිස්‌ත්‍රික්‌ ලේකම්වරයා ලෙස පත්කර ඇත. වවුනියාව දිස්‌ත්‍රික්‌ ලේකම් එම්. චාල්ස්‌ මහතා මඩකලපුව දිස්‌ත්‍රික්‌ ලේකම්වරයා ලෙසත්, ගාල්ල අතිරේක දිස්‌ත්‍රික්‌ ලේකම් වවුනියාව දිස්‌ත්‍රික්‌ ලේකම්වරයා ලෙසත්, ගොවිජන සේවා අමාත්‍යංශ අතිරේක ලේකම්වරයා ගාල්ල දිස්‌ත්‍රික්‌ ලේකම්වරයා ලෙසත්, මාතර දිස්‌ත්‍රික්‌ ලේකම්වරයා හම්බන්තොට දිස්‌ත්‍රික්‌ ලේකම්වරයා ලෙසත් මේ අනුව ස්‌ථාන මරුවීම් ලබා ඇත.

මෙම මාරු කිරීම් කළින් සඳහන්කර හෝ නියමිතව තිබූ මාරුවීම් නොවන බවත් මෙලෙස තමන්ට මාරුවීම් ලැබී ඇතැයි දැනගත් අවස්ථාවේ සමහර දිස්ත්‍රික් ලේකම්වරුන් මවිතයට පත්වී ඇති බවත් ස්‍වදේශකටයුතු අමාත්‍යංශයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්