
2010 සාපේක්ෂව 2011 වසරේදී ළමා දූෂණ සිද්වීම් සහ ස්ත්රී දූෂන සිදවීම් ඉහළ ගොස් ඇතැයි ළමා සංවර්ධන හා කාන්තා කටයුතු නියෝජ්ය ඇමැති එම්.එල්.එම්. හිස්බුල්ලා ඊයේ (10) පාර්ලිමේන්තුවේදී ප්රකාශ කළේය.
ඔහුගේ ප්රකාශය පරිදි වාර්තා වී තිබෙන ස්ත්රී දූෂණ අතරින් 2007 වසරේ සිට 2011 වසර දක්වා ළමා දූෂණ 4899ක් සහ වැඩිහිටි ස්ත්රී දූෂණ 1444ක් සිදුවී ඇත. ඒ අනුව ළමා දූෂණ සංඛ්යාව ඉහළ ගොස් ඇත්තේ 2007 දී 805ක්ද, 2008 දී 914ක්ද, 2009 දීත් 2010 දී ක් ද 1089ක්ද, 2011 දී 1169ක්ද ආදී වශයෙණි.
වයෝවෘද්ධ කාන්තාවන් දූෂණය කිරීමේ සිද්ධීන් 2007 දී 346ක්ද, 2008 දී 303ක්ද, 2009දී 279ක්ද, 2010දී 235ක්ද, 2011 දී 281ක්ද වාර්තා වී ඇත.
මුළු දිවයිනේම පිහිටි පළාත් පරිවාස හා ළමා රක්ෂක සේවා දෙපාර්තමේන්තුව වෙත ලැබුණු තොරතුරු අනුව 2006දී ළමා අපචාර සිද්ධීන් 2355ක්, 2007 දී 2624ක්ද, 2008දී 3196ක්ද 2009දී 2954 ක් සහ 2010දී 4029ක් සිදු වී තිබේ.
ස්ත්රි දූෂණ 6343ක් සහ ළමා අපචාර සිද්ධීන් 15158ක් පසුගිය වසර 05 කාලය තුළදී දිවයින පුරා වාර්තා වී ඇත.









