මෙරටදී හමුවන ඕනෑම පුරාවස්තුවක් පුරාවිද්යා දෙපාර්තුමේන්තුවට බාර දෙන්නේ නම් ඊට අදාල වෙළද පොළ වටිනාකම ගෙවීමට පුරාවිද්යා දෙපාර්තුමේන්තුව සූදානමින් ඇතැයි වාර්තාවේ.
මේ පිළිබදව මාධ්යය වෙත ප්රකාශයක් කර ඇති පුරාවිද්යා අධ්යක්ෂක ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා එයට පුරා විද්යා ආඥාපනතකින්ම ප්රතිපාදන සපයා දී ඇතැයිද පවසා තිබේ.
තම ඉඩකඩම්වලදී හමුවන පුරාවස්තු නොපමාව දෙපාර්තුමේන්තුවට බාර දුනහොත් ඒ පිළිබදව නිශ්චිත තහවුරැ කරගැනීමකින් අනතුරැව මුදල් ගෙවන අතර පුද්ගලයන් සතුව පාරම්පරිකව පවතින හෝ සොරකම් කර ගෙනවිත් දෙන පුරාවස්තු සදහා මුදල් නොගෙවන බවද ඔහු අවධාරණය තිබේ.
මෙරට තිබෙන පුරාවස්තු පිටරට යැවීමේ ජාවාරම වළක්වාලීමේ අරමුණින් දෙපාර්තුමේන්තු මෙම තීරණය ගෙන ඇතැයි පැවසේ.
එහෙත් අපට ඇති ගැටඵව මෙයයි,
කොළඹ ජාතික කෞතුකාගාරයේ තැන්පත් කර තිබූ පුරා වස්තු පවා ආරක්ෂාකර ගැනීමට නොහැකිවීම තුල රට පුරා ඇති පුරා වස්තු එකතු කර ඒවා ආරක්ෂා කරගැනීමට බලධාරින්ට හැකි වේද?
පුරාවස්තු කොල්ලකෑමේ ප්රවනතාවයක් මතුව ඇති මෙවන් මොහොතක දෙපාර්තුමේන්තුව හරහා මෙවැනි ක්රියා මාර්ගයක් ගැනීම තුල තම්මැන්නාවේ මැණික් ගැරීමට ජනතාව පොරකෑවාසේ , කැළණි ගගේ රත්තරන් සෙවීමට වලිකෑවාසේ ඉපැරණි වෙහෙර විහාර කඩා බිඳදමමින් පුරාවස්තු ඇතැයි සිතන ඉඩකඩම් වලට පොරබදිමින් කෝළහාල කරගැනීමට ජනයා නොපෙළඹේද?
ආණ්ඩුව සූදානම් වන්නේ අපේ රටේ ජනයා මිළ දන්නා අගය නොදන්නා නරැමයන්කොටසක් බවට පත් කරමින් ජාතික උරැමයන් විනාශ කිරීමටද?









