ශිරන්තිගේ අයියාගේ නිවසට හොරු පනිති

ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ වැඩිමහල් සහෝදරයා වන නිශාන්ත වික‍්‍රමසිංහ මහතාගේ ගල්කිස්ස ප්‍රදේශයේ පිහිටි නිවසේ තිබූ රුපියල් ලක්ෂ 40ක් වටිනා ඔමැක්ස් වර්ගයේ ඔරලෝසුවක් සහ රුපියල් ලක්ෂ 60ක මුදල් සොරාගෙන ඇතැයි වාර්තාවේ.

පසුගිය 7 වැනි දින රාත්‍රී මෙම සොරකම සිදුව තිබෙන බවත් වාර්තාවේ.

ඒ මහතා ශ‍්‍රී ලන්කන් ගුවන් සමාගමේ වත්මන් සභාපති වරයාද වන අතර ප්‍රසිද්ධ වැවිලිකරුවකුද වේ.

මේ සම්බන්ධයෙන්  පරීක්ෂණ පැවැත්වීම සඳහා පොලිස් කණ්ඩායම් දෙකක් පත්කර ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසිය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්