
ගාල්ල ඇල්පිටිය දිලිතුර වතුයායේ සූදු පිටියකදී පසුගිය 14වනදා ඇතිවූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් ද්රවිඩ ජාතිකයන්ට අයත් නිවාස කිහිපයක දේපළ කොල්ලකා ගිනිතබා ඇති බව වාර්තාවේ.
මෙම බහින්බස්වීමට හමුදා සෙබළෙකුද මුල්වී ඇත. අවසානයේදී හමුදා සෙබළා සහ ද්රවිඩ තරුණයන් අතර ඇතිවූ ආරවුලක් ලෙස මෙය හුවා දැක්වුවද සූදු පිටියේ සම්බන්ධතාවය අත්හැර දමා පොලීසියද ක්රියාකර ඇත. ගැටුම පිළිබදව දෙමළ තරුණයෙක් විමසූ බවද ඊට උරණවූ සෙබළා එම තරුණයාට පහරදීමෙන් සිද්ධිය ආරම්භවී ඇතැයි නිගමණය කරමින් පොලීසිය ක්රියාකර තිබේ.
මෙම ගැටුම අතරවාරයේ එම ස්ථානයට පැමිණි තවත් තරුණයක් 30 දෙනෙකු පමණ එක්වී එම තරුණයන් දෙදෙනාටම පහරදී එහි තිබූ නිවාස 7ට ගිනිතබා ඇත.
පසුව පොලිසිය විසින් සිද්ධියට සම්බනධයැයි සැකපිට ද්රවිඩ තරුණයන් දෙදෙනෙකු අත්අඩංගුවටගෙනඇත.තවත් තරුණයන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටින බවද වාර්තා වේ.









