
වැලිකන්ද ඇලක තිබී මියගිය සිවිල් ආරක්ෂක භටයෙකුගේ සිරුරක් හමුවී තිබේ.
පොලිසිය පැවසුවේ අද (16) උදෑසන ඔහුගේ සිරුර සහ යතුරුපැදිය සොයාගත් බවය.
පසුගිය 14 වැනිදා සිට ඔහු අතුරුදන්ව ඇති බවට පොලිසියට පැමිණිලි ලැබී තිබුණි.
මියගොස් ඇත්තේ වැලිකන්ද කොළකනවාඩිය ප්රදේශයේ පදිංචිකරුවෙකි.
වැඩිදුර පරීක්ෂන පවත්වන බව පොලීසිය සදහන් කරයි.









