වරාය හා නාවික අමාත්ය අර්ජුන රනතුංග ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙක්ද යන්න තමා නොදන්නා බව ශ්රීලනිප ජාතික සංවිධායක එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් සුසිල් ප්රේමජයන්ත් මහතා පවසයි.
ඔහු මේ බව පවසන්නේ අද (04) ශ්රීලනිප මූලස්ථානය අසලදී මාධ්යවේදීන්ගෙන් ඔහුගෙන් අර්ජුන රණතුංග මහතා සම්බන්ධයෙන් සිදු කළ විමසීමකදීය.
කෙසේ නමුත් රණතුංග මහතාට ශ්රී ලංකා නිදහස් පක්ෂයේ අත්තනගල්ල ආසන සංවිධායක ධුරය පිරිනමුනු ලැබුවේද එම පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා විසිනි.









