ඔළුව හොඳනැද්දැයි රනිල් හරීන්ගෙන් අහලා…

මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ක්‍රියාකළාපය ගැන තමන් විවෙචනය කරමින් සිටියදී රනිල් වික්‍රමසිංහ මහතා තමාට කතා කර එය වහාම නවත්වන ලෙස දැනුම් දෙමින් බැනවැදුණු බව ඌව පළාත් මහ ඇමති හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

“තමුසෙගේ ඔළුව හොඳනැද්ද” කියා රනිල් වික්‍රිමසිංහ මහතා තමාගෙන විමසා සිටි බවත් “කලබලවෙන්නැත්ව ඉන්නවා මම ගේමක් ගහලා තියෙන්නේ” යැයි පවසූ බවත් හරීන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පවසයි.

කෙසේ නමුත් ඌව ප්‍රධාන අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පසුගියදා පැවති මාධ්‍ය හමු කිහිපයකදීත් වෙනත් මාධ්‍ය වැඩසටහනකදීත් පවසා සිටියේ යමි හෙයකින් මෛත්‍රීපාල සිරිසේන මහතා මහින්ද රාජපක්ෂ මහතාට නාමයෝජනා ලබාදෙන්නේනම් තමන් දේශපාලනයෙන් සමු ගන්නා බවයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්