වසර ගණනාවක් අයි.එස්. ත්රස්තවාදීන්ගේ ග්රහණයේ තිබූ සිරියාවේ ඓතිහාසික පැල්මයිරා නගරය නැවත අත්පත් කර ගැනීමට සිරියානු හමුදාව සමත්වූ බවට විදෙස් මාධ්ය වාර්තා කරයි.
සිරියානු හමුදාව නිකුත් කර ඇති වාර්තාවක සඳහන් වන්නේ පැල්මයිරා නගරයෙහි සම්පූර්ණ පාලනය සිරියානු හමුදාව විසින් අත්පත් කර ගත් බවය. සිරියානු හමුදාවට පැල්මයිරා නගරය අත්පත් කර ගැනීම සඳහා ප්රබල සහායක් රුසියානු ගුවන් හමුදා ප්රහාරයන් එල්ල කිරීම හේතු වී තිබේ. විශේෂයෙන්ම මේ වනවිට අයි.එස්. ත්රස්තයින්ට එරෙහිව සිරියානු හමුදා මෙහෙයුම් දැඩි කර ඇති අතර අයි.එස්. ත්රස්තයින්ට තීරණාත්මක ස්ථාන රැසක් මේ වනවිට අහිමි වී ඇති බව වාර්තා වේ.
පැල්මයිරා නගරය ලෝක උරුමයක් වූ අතර එහි ඉදිකිරීම් ශතවර්ෂ ගණනාවක් පුරා දිවයයි. ලෝක උරුම නගරයක් වූ පැල්මයිරා නගරයෙහි පිහිටි පුරාවස්තු රැසක් අයි.එස්. ත්රස්තයින් විසින් ප්රහාර එල්ල කර විනාශ කිරීම ලෝකය පුරා දැඩි ලෙස කතාබහට ලක්විය. පැල්මයිරාහි පිහිටි දේවස්ථානය ඇතුළු පුරාවස්තු විනාශ කිරීම යුද අපරාධයක් ලෙස සැලකිය යුතු බවට යුනෙස්කෝ සංවිධානය සඳහන් කර තිබේ.









