පකිස්තානයේ ලාහෝර් නුවර උද්යානයකදී ඊයේ (27) එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරයෙන් මේ වනවිට මිය ගිය සංඛ්යාව 67ක් දක්වා ඉහළ ගොස් ඇති අතර තුවාල ලැබූවන් ගණන 100කට අධික බව වාර්තා වේ.
මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරය එල්ල වී ඇත්තේ ලාහෝර් නුවර නිරිත දිග ප්රදේශයේ පිහිටි ගුල්ෂාන් ඊ ඉක්බාල් උද්යානයේ ප්රධාන ගේට්ටුව ආසන්නයේදීය බවත් ප්රහාරයේ ඉලක්කය වී ඇත්තේ පාස්කු ඉරිදා දින සමරමින් පැමිණි කිස්තියානි ජාතිකයින් බව පකිස්තාන පොලිසිය ප්රකාශ කර තිබේ.
බෝම්බ ප්රහාරයෙන් මිය ගිය හා තුවාල ලැබූ විශාල පිරිසක් කාන්තාවන් හා ළමුන් බව පැවසෙන අතර ප්රහාරයේ වගකීම ජමාත් – උල් – අහරා නැමති අන්තවාදී සංවිධානය භාරගෙන තිබේ.
මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරය දැඩි ලෙස හෙළා දැක ඇති පකිස්තාන ජනාධිපතිවරයා දින තුනක ශෝක කාලයක් ප්රකාශයට පත් කර තිබේ.











