සාලාවේ ජනතාව කොළඹදී විරෝධතාවයේ

සාලාව යුද හමුදා අවි ගබඩාව පිපිරීම හේතුවෙන් තමන්ට සිදු වූ අලාභහානිවලට අදාළ වන්දි ගෙවීම පැහැර හැරීමට එරෙහිව විරෝධය දක්වමින් එම ජනතාව මේ වනවිට කොළඹදී විරෝධතාවයක් ආරම්භ කර තිබේ.

මීට පෙර අවස්ථා කිහිපයකදීම ඔවුන් මේ සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම්වරයා හා අදාළ බලධාරීන් දැනුවත් කිරීමට කටයුතු කළ අතර ඉන් පළක් නොවීම හේතුවෙන් සාලාව කඳවුර අසළ විරෝධතා කිහිපයක්ම සිදු කළේය. 

එහෙත් ඔවුන්ට කිසිඳු පිළිතුරක් නොලද හෙයින් මෙසේ අද (17) දින කොළඹදී විරෝධතාවයක් ආරම්භ කර ඇත.

Image result for salawa picket

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්