ඇමෙරිකාව සමග ඉදිරියේදී අත්සන් තැබීමට සූදානමින් සිටි අන්තර් අත්ලාන්තික වෙළඳ ගිවිසුම (TTIP) අතහැර දැමූ බව ජර්මන් බලධාරීන් ප්රකාශකර ඇති බව වාර්තා වේ.
ඊට හේතුව ලෙස දක්වා ඇත්තේ මීලඟ ජනාධිපති ලෙස ඩොනල්ඩ් ට්රම්ප්ට් පත්වීම බව ජර්මන් බලධාරීන් ප්රකාශ කර තිබෙන අතර මෙම ගිවිසුම සම්බන්ධයෙන් යුරෝපා සංගමය හා ඇමෙරිකාව අතර වසර තුනක පමණ කාලයක් සාකච්ඡා පවත්වා ඇති අතර බැරක් ඔබාමා හා ඇන්ජෙලා මර්කල් අතර සෘජු සාකච්ඡා කිහිපයක්ද පවත්වා ඇත බව පැවසේ.
මෙම වෙළඳ ගිවිසුමට යුරෝපයේ බොහෝ රටවල ජනතාවගෙන් විරෝධතාවය පළවූ අතර ගිවිසුම මගින් පාරිභෝගිකයන්ගේ මෙන්ම ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට චෝදනා එල්ල වී තිබේ.











