සමුපකාර සේවකයන් දේශපාලනයට යොදව්වාට ජොනීට නඩු

2010 සිට 2014 දක්වා කාල සීමාවේ දී සමුපකාර තොග වෙළඳ සංස්ථාවේ සේවකයන් එහි රාජකාරිවලට පරිබාහිරව දේශපාලන කටයුතු යොදවා වැටුප් හා අතිකාල දීමනා ගෙවීම නිසා රජයට රුපියල් කෝටි 4කට වැඩි මුදලක් පාඩු සිදු කිරීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ කොමිසම විසින් හිටපු සමුපකාර හා අභ්‍යන්තර වෙළඳකටයුතු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තවත් දෙදෙනෙකුට එරෙහිව අද (19) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පහක් ගොනු කර තිබේ. 

එම කාලය තුළ සේවකයන් 45දෙනෙකු පමණ පිරිසක් මෙසේ දේශපාලන කටයුතුවල යොදවා ඇතැයිද විමර්ශනවලදී අනාවරණය කරගෙන ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්