උතුරු කොරියානු විදේශ ඇමති ලෙස න්‍යෂ්ටික විශේෂඥයකු පත්කරයි

උතුරු කොරියානු පාලනය විසින් එරට විදේශ අමාත්‍යවරයා ලෙස න්‍යෂ්ටික විශේෂඥයකු වන සැලකෙන රී යොන් හෝ පත් කර ඇතැයි වාර්තා වේ.

රී යොන් හෝ උතුරු කොරියාව තුළ ක්‍රියාත්මක වන න්‍යෂ්ටික වැඩසටහන්හි මුල් පෙළේ සාමාජිකයකු ලෙස සැලකෙන අතර න්‍යෂ්ටික විශේෂඥයකුට අමතරව ඔහු උතුරු කොරියාවේ මුල් පෙළේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු බවට සැලකේ.

උතුරු කොරියාව සිය න්‍යෂ්ටික වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා අනුමැතිය ලබා ගැනීම වෙනුවෙන් විශේෂ පක්ෂ සමුළුක්ද කැඳවා ඇති අතර ඇමෙරිකාව ඇතුළු බටහිර රටවලින් එල්ල වන දැඩි සම්බාධක මධ්‍යයේ මේ වනවිට උතුරු කොරියාව සිය න්‍යෂ්ටික අත්හදා බැලීම් ඉහළ දමා තිබේ. 

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්