සමසෞඛ්‍ය සිසුන්ට එරෙහිව පොලීසිය අධිකරණයට

සමසෞඛ්‍ය සිසුන් විසින් පවත්වාගෙන යනු ලබන සත්‍යග්‍රහය ඇති ස්ථානයේ ඉදිකර ඇති අට්ටාලය මහජනතාවට පීඩාවක් ගෙනදෙන්නක් බව පවසමින් එය ඉවත් කිරීම සඳහා අධිකරණ නියෝගයක් ලබා දෙන්නැයි පොලීසිය විසින් අධිකරණයෙන් කර තිබූ ඉල්ලීමට අදාළ නඩුව අද (03) කැඳවා තිබේ.

එහිදී එම නඩුව සඳහා සහභාගීවූ සමසෞඛ්‍ය සිසුන් අධිකරණයට පවසා ඇත්තේ පොලීසිය විසින් කර ඇති ප්‍රකාශයන් වැරදි සහගත බවත් එය සනාත කළ හැකි සත්‍ය සාක්ෂි තමන් සතුව ඇති බවත්ය.

කෙසේ නමුත් පොලීසියේ ඉල්ලීම පරිදි අධිකරණය අද නියෝග කර ඇත්තේ එම අට්ටාලය ගලවා ඉවත් කරන ලෙසය.

දින 41ක් තිස්සේ සම සෞඛ්‍ය උපාධිය කප්පාදු කිරීමටත් එයට සිසුන් බඳවා ගැනීම කප්පාදු කිරීමටත් එරෙහිව ඔවුන් මෙසේ සත්‍යග්‍රහයේ නිරතවන නමුත් කිසිඳු බලධාරියෙකු ඒ පිළිබඳ සැලකිලිමත් වී නැත.

අධිකරණ නියෝගය පරිදි පොලීසිය අට්ටාලය ගලවන් ගියත් තම සත්‍යග්‍රහය අත් නොහරින බව එහි සිසු සිසුවියෝ සඳහන් කරති.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්