වන්නියේ හමුදාවටත් කැරැලි මර්දන පුහුණුව

වන්නි යුද හමුදා නිලධාරීන් වෙත කැරැලි මර්දනය කිරීමේ විශේෂ පුහුණුවක් ලබාදීම මේ දිනවල වන්නි ආරක්ෂක මූලස්ථානයේදී සිදුවෙන බව වාර්තා වේ.

උද්ඝෝෂණ, පෙළපාළි හා විරෝධතා අවස්ථාවන්හිදී පොලිසියට සහයෝගය ලබාදීම පිණිස යුද හමුදා කැරැලි මර්දන ඒකක කැඳවීමේදී ඔවුන් විසින් ක්‍රියා කළයුතු ආකාරය පිළිබඳව පෙර සූදානම් පුහුණුවක් ලබාදීම මෙහිදී සිදු වන බව පැවසේ.

වන්නි ආරක්ෂක සේනා මූලස්ථාන 54 සේනාංක නිලධාරීන් විසින් කැරැලි මර්දන පුහුණු වැඩසටහන සංවිධානය කොට ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්