සජින් වාස්ට ඇපත් නැහැ – නාම යෝජනාත් නැහැ

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සජින් වාස් ගුණවර්ධන හිටපු මන්ත්‍රීවරයා මේ මස 21 වැනි දින දක්වා නැවතත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියෝග කර තිබේ. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන 23 ක් සාපරාධි සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව යටතේ හා වාහන කිහිපයක් අතුරුදන් කිරීම පිළිබඳවය.

ඊට අමතරව ඔහුට පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාම යෝජනා ලබා නොදීමටද තීරණය කර ඇති බව වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්