පාස්කු ත්රස්තවාදී ප්රහාරය එල්ල කළ 2019 අප්රේල් 21 දිනට පසුව මාස තුනක් පුරා පාර්ලිමේන්තුව දින 24ක් රැස්වී ඇති අතර ඒ කිසිදු අවස්ථාවක එවකට කැබිනට් ඇමතිවරයෙකු වූ සජිත් ප්රේමදාස ඒ සම්බන්ධයෙන් කිසිදු ප්රකාශයක් කර නැත.
මෙහි විශේෂත්වය වන්නේ එම මාස තුන තුළ අවස්ථා කීපයකදී සභාව කල් තැබීමේ යෝජනා සහ වෙනත් විශේෂ අවස්ථා කිපයකදී පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් විවාද කර තිබියදීත් සජිත් ප්රේමදාස කිසිම අදහසක් දක්වා නොතිබීමයි.
මේ අතර එවකට සිටි අගමැති රනිල් වික්රමසිංහ, කැබිනට් මණ්ඩලය සහ ආණ්ඩුවට විරුද්ධව ජනතා විමුක්ති පෙරමුණ විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කර තිබිණි. එම යෝජනාව ඉදිරිපත් කර තිබුණේ 2019 ජූලි 10 වෙනි දින ය. දින දෙකක් පුරා විවාද කිරීමෙන් පසුව ජූලි 11 දින ඡන්ද විමසීම පවත්වා තිබිණි. එහිදී සජිත් ප්රේමදාස එම විශ්වාසභංග යෝජනාවට විරුද්ධව ඡන්දය පාවිච්චි කර ඇත. එසේ තිබියදීත් එම ප්රහාරය සම්බන්ධයෙන් කිසිවක් ප්රකාශ කර නොතිබීම විශේෂත්වයකි.










