පසුගිය 2010 වසරේ සිට මේ දක්වා ජනාධිපතිවරුන් තිදෙනෙකු යටතේ පත්කරන ලද කැබිනට් මණ්ඩල වෙනුවේන විශය පතන වෙන් කිරීමේදී වර්තමාන ජනාධිපති යටතේ 44 වතාවක් සංශෝධනය කර ඇති බව හෙළිවේ.
මේ බව හෙළියන්නේ manthri.lk වෙබි අඩවිය කරනලද නිරීක්ෂණවල වාර්තාවකින්ය. එම වාර්තාවට අනුව මහින්ද රාජපක්ෂ ජනාධිපති දෙවෙනි ධුරය දැරූ 2010 – 2015 අතර කාලයේ විශයපත සංශෝධනයන් 09යක් සිදුකර ඇත.
ඉන් පසුව 2015දී බලයට පත් වූ මෛත්රීපාල සිරිසේන ජනාධිපතිවරයා 2019 දක්වා කාලය තුළ එම සංශෝධනයන් 28ක් සිදු කර තිබේ.
ගෝඨාභය රාජපක්ෂ බලයට පත් වී ගෙවී ගිය දෙවසරක් තුළදී එම සංශෝධනයන් 44ක් සිදු කර ඇති බව අදාළ සමීක්ෂණයෙන් හෙළිකර ඇත. මේ අනුව 2010 සිටි මේ දක්වා කැබිනට් අමාත්ය ධුර සඳහා විශයපත සංශෝධන 81ක් සිදු කර ඇති අතර එයින් 44ක්ම සිදුකර ඇත්තේ ගෝටාබය රාජපක්ෂ ජනාධිපති යටතේය.
මහින්ද රාජපක්ෂ වසර 05ක් තුළදී සංශෝධන 09ක්ද මෛත්රීපාල සිරිසේන වසර 05ක් තුළදී සංශෝධන 28ක්ද ගෝඨාභය රාජපක්ෂ වසර දෙකක් තුළදී සංශෝධන 44ක්ද වශයෙන් සිදු කර ඇත.
වර්තමාන ජනාධිපති ගෝටාබය රාජපක්ෂ ඇමති මණ්ඩලය පත් කිරීමටත් පෙර අදාළ විශය බෙදීම් විද්යාත්මක ක්රමයට සිදු කරන ලද බව ප්රචාරය කර ඊට අදාල ගැසට් නිවේදනයද නිකුත් කරමින් ප්රකාශ කර සිටියේ නව දේශපාලන සංස්කෘතියක් ආරම්භ කළ බවත් තම පාලනයේ වස 05 ගෙවෙන තුරු මෙම ඇමති මණ්ඩලය සංශෝධනය නොවන බවත්ය. එලෙස ප්රකාශ කර තිබෙන පසුබිමක සුවිශේෂී වාර්තාවක් තබමින් වසර 02ක කාලයක් තුළ සංශෝධන 44ක් සිදු කිරීම විශේෂත්වයක් වී තිබේ.











