සියලුම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු ඊයේ (11) දිනයේ සිට මැයි මස 31 වෙනිදා දක්වා කාල සීමාව දක්වා අවලංගු කර ඇති බව පොලිස් මාධ්ය ප්රකාශක නියෝජ්ය පොලිස්පති අජිත් රෝහණ පවසා තිබේ.
මේ වනවිට පළාත් අතර සංචරණ සීමා පනවා ඇති අතර සියලුම පළාත් මායිම් ආවරණය වන පරිදි පොලිසිය හා ත්රිවිධ හමුදාව විසින් විශේෂ ආරක්ෂක වැඩපිළිවලක්ද ක්රියාත්මක කරන බවත් පළාත් මායිම් අසල පොලිස් විශේෂ කාර්ය බලකාය සහ ත්රිවිධ හමුදාව ඒකාබද්ධව මාර්ග බාධක යොදා ඇති බවද පොලිස් මාධ්ය ප්රකාශකවරයා පවසයි.
සියලු විනෝද ගමන, ප්රිය සම්භාෂණ පැවැත්වීම සහ වෙනත් පළාතක සිටින ඥාතින් බැලීමට යෑම ඊයේ දිනයේ සිට ලබන 31 වෙනිදා දක්වා තහනම් තහනම් කර ඇති බවත් වෙනත් පළාතක සිට පැමිණෙන කිසිදු අයෙකුට හෝටලයක නවාතැන් ලබා නොදෙන ලෙසටද හෝටල් හිමියන්ව දැනුවත් කිරීමට කටයුතු යොදා ඇතැයිද ඔහු වැඩිදුරටත් පවසයි.










