කොවිඩ් 19 වෛරසය ආසාදනය වීමෙන් පසුව ඇතිවූ දරුණු ආබාධ තත්වයන් හේතුවෙන් ඊයේ (11) දිනය තුළදී පුද්ගලයින් 23 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත බව වාර්තා වේ.
මේ වනවිට මෙරට තුළ කොවිඩ් හේතුවෙන් පුද්ගලයින් 850ක් පමණ ජීවිතක්ෂයට පත්ව ඇති අතර ගතවූ ආසන්න දින 11 තුළදී පුද්ගලයින් 172ක් පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බවද වාර්තා වේ.










