මහනුවර පල්ලේකැලේ ජාත්යන්තර ක්රීඩාංගනයේ පැවැති ශ්රී ලංකා – ඕස්ට්රේලියා පළමු ටෙස්ට් තරගයෙන් ප්රබල ඕස්ට්රේලියානු කණ්ඩායම පරදා ලකුණු 106 කින් ජයගැනීමට ශ්රී ලංකා කණ්ඩායම මීට සුළු වේලාවකට පෙර සමත් විය.
ලකුණු 268ක ජයග්රාහී ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ප්රබල ඕස්ට්රේලියානු කණ්ඩායම පන්දුවාර 88.3කදී ලකුණු 161කට සීමා කිරීමට ශ්රී ලංකා පන්දු යවන්නෝ සමත් වූ අතර තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට ශ්රී ලංකා කණ්ඩායම විය.
ශ්රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දෙවැනි ඉනිමේදී විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ රංගන හේරත් ලකුණු 55කට කඩුළු 5ක් බිඳ හෙළීමට සමත් විය. ඊට අමතරව ලක්ෂාන් සඳකැළුම් ලකුණු 49කට කඩුලු 3ක් බිඳ හෙළීමට සමත් විය. පළමු ඉනිමේදී රංගන හේරත් ලකුණු 49 කට කඩුලු 4ක්ද ලක්ෂාන් සඳකැන් ලකුණු 58කට කඩුලු 4ක්ද බිඳ හෙළීමට සමත් විය.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්රී ලංකා කණ්ඩායමට පළමු ඉනිමේදී ලබා ගැනීමට හැකි වූයේ සියලු දෙනා දැවී ලකුණු 117ක් පමණි. ඊට පිළිතුරු ලෙස ඕස්ට්රේලියානුවන් සියලුදෙනා දැවී ලකුණු 203ක් ලබා ගත් අතර ශ්රී ලංකා කණ්ඩායම දෙවැනි ඉනිමට සියලුදෙනා දැවී ලකුණු 353ක් ලබා ගත් අතර එහිදී විශිෂ්ඨ පිතිහරඹයක නිරත වූ නවක ක්රීඩක කුසල් මෙන්ඩිස් ලකුණු 176ක් ලබා ගත් අතර තරගයේ විරයා සම්මානයද කුසල්ට හිමි විය.









